පන්නිපිටියේ කාමරයක් කුලීයට ගන්න ඇවිත් නිවැසි කතට අතවර කරලා


පන්නිපිටිය, පැලැන්වත්ත  ප්‍රදේශයේ නිවෙසක  කාමරයක් කුලීයට ගන්නා මුවාවෙන්, නිවෙසට පැමිණ එහි නිවෙස හිමි කාන්තාවට, ලිංගික අතවර කොට පලාගිය තිදරු පියකු අත්අඩංගුව ගත් බව  මත්තේගොඩ
පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට  ගෙන ඇත්තේ එම ද ප්‍රදේශයේම පුද්ගලයකු (47) බව පොලිසිය කියයි.

මොහු රැකියාව ලෙස බ්‍රෝකර් වැඩ කරමින්  ජීවනෝපාය සලසා ගන්නා  පුද්ගලයකු බවද කියයි. ගමේ පිහිටි, වෙළෙඳසලක් පවත්වාගෙන යන කාන්තාවකට හිමි

නිවෙසක කාමරයක් කුලීයට දීම දන්වා ප්‍රදර්ශනය කර තිබූ දැන්වීමකට අනුව සැකකරු නිවෙසට පැමිණ තිබේ. කාන්තාව මෙම ද පුද්ගලයාට කාමරය - පිළිබඳව තොරතුරු කියමින් සිටියදී එකවරම කාන්තාව අල්ලාගෙන ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි පොලිසිය පවසයි. පසුව එම පුද්ගලයාගේ ග්‍රහණයෙන් මිදී එළියට පැන අසල තිබූ, යකඩ පොල්ලක් ගෙන එම පුද්ගලයාට පහර දීමට සැරසෙදී සැකකරු පලාගොස් තිබේ.

සිද්ධියෙන් පසුදිනද මෙම පුද්ගලයා පැමිණ අදාළ සිද්ධිය පොලිසියට පැමිණිලී කළහොත් 'බලාගන්නම්' යනුවෙන් තර්ජනය කර ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව එම කාත්තාව සිද්ධිය පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කර තිබිණි. පසුව පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් පරීක්‍ෂා කොට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී තිලකසිරි මහතාගේ උපදෙස් මත ඉදිරී පරීක්‍ෂණ ක්‍රියාත්මකය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment