පෙපර්මින්ට් යයි සිතා පැරසිටමෝල් කෑ දරුවා මිය යයි



පෙපර්මින්ට් වර්ගයක් යැයි සිතා වේදනා නාශක පැරසිටමෝල් පෙති රැසක් ආහාරයට ගෙන ඇති අවුරුදු හතර හමාරක් වයසැති පිරිමි ළමයෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඊයේ (06) අලුයම මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

 මෙසේ

මිය ගොස් ඇත්තේ මස්කෙළිය, බ්‍රාන්ස්වික් තේ වතුයායේ, මොටින් හෑම් කොටසේ පදිංචිව සිටි ශ්‍රී මනෝ ක්‍රිෂ්ණන් මර්දි නැමැති අවුරුදු හතරහමාරක පමණක කුඩා දරුවෙකි.  තමා පදිංචි නිවසේ තිබූ පැරසිටමෝල් වේදනා නාශක පෙති පෙරේදා (05) මෙම ළමයා ආහාරයට ගනිමින් සිටියදී දරුවාගේ දෙමව්පියන් දැක ළමයා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

 ළමයා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ නිසා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. ළමයාගේ මරණය සමිබන්ධව පශ්චාත් මරණ පරික්‍ෂණය ඊයේ (06) නාවලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment