සේවා නියුක්තිය පිළිබඳ පනතක්.



කම්කරු දෙපාර්තමේන්තුවේ ආරම්භයේ සිට මේ දක්වා සේවකයින්ගේ සේවා කොන්දේසි, සමාජ ආරක්ෂණය, වෘත්තීය ස්වස්ශථතා හා ආරක්ෂාව සම්බන්ධයෙන් පනත් 61ක් ක්‍රියාත්මක කර ඇති අතර, ඉන් පනත් 27ක් පමණක් මේ වන විට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම පනත්වල දැක්වෙන යම් යම් සේවා කොන්දේසි අතර විෂමතාවන් දක්නට ලැබෙන බැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදු වන අපහසුතා මඟහරවා ගැනීමේ අරමුණ ඇතිව දැනට පවතින සේවක අයිතිවාසිකම්වලට අගතියක් නොවන පරිදි සේවා නියුක්තිය පිළිබඳ කරුණුවලට අදාළව තනි පනතක් සකස් කිරීමට යෝජනා වී තිබේ. මෙමඟින් විශේෂයෙන්ම දැනට ආර්ථික සංවර්ධනයට දායක නොවන ශ්‍රම බලකාය ඊට දායක කරගත හැකි වන පරිදි නම්‍යශීලී සේවා කොන්දේසි හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලැබේ.

ඒ අනුව, දැනටමත් පනවා ඇති කම්කරු නීති මඟින් ආරක්ෂා වන කම්කරු අයිතිවාසිකම්වලට කිසිදු අගතියක් නොවන පරිදි සාප්පු හා කාර්යාල සේවක පනත, පඩිපාලක සභා ආඥාපනත, කාන්තාවන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ පනත සහ ප්‍රසූතිකාධාර ආඥාපනත යන ව්‍යවස්ථා වෙනුවට සේවා නියුත්තිය පිළිබඳ නව පනතක් හඳුන්වා දීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment