මහාචාර්ය රංජිත් බණ්ඩාර කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ට බැසිල්ව විකුණලා.



කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල මඟින් නාගරික පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු වෙත හදුන්වා දී ඇති "ප්‍රජා නායකත්ව සහ සමාජ සංවර්ධනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට" හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වාර්තා වෙයි. කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසලේ ප්‍රධානී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක ප්‍රදීප් සන්තෝෂ් කාරියවසම් මහතා වෙත ලිඛිතව උක්ත පාඨමාලාව සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණේ එය බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත හදුන්වා දුන්නක් බවයි.

 නාගරික මන්ත්‍රීවරුන්ට යොමුකර තිබූ එම ලිපියේ පිටපතක් බැසිල් රාජපක්ෂ මහතාට යොමු කර ඇති බව සඳහන් වුවද එවැනි ලිපියක් මේ දක්වා බැසිල් රාජපක්ෂ මහතා වෙත ලැබී නැති බව සඳහන්.

රු. 72,000ක මුදලක් අය කරන එම පාඨමාලාවට නාගරික මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබුණි. ඊට විරෝධය පළකරමින් නාගරික මන්ත්‍රීවරු පවසා තිබුණේ ගමේ ජන්ද එකතු කිරීමට ඩිප්ලෝමා හෝ උපාධි අවශ්‍ය නොවන බවයි.

උක්ත පාඨමාලාව පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතා දැනුවත් වී ඇත්තේද අප පළ කළ පුවතින්ය.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළේය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා යළි දිනවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට උපදෙස් දුන් ආචාර්ය ,මහාචාර්ය කණ්ඩායමේ සාමාජිකයෙක් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකටව සිටින්නේ බැසිල් රාජපක්ෂටත් වැඩ වැරද්දු පුද්ගලයෙකු ලෙසය.

(LNW)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment