
යුද හමුදාවෙන් පැහැර ගත් තම සැමියා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහන විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය අද අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළාය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහන විජේවීර මහතා මීට වසර ගණනාවක සිට අතුරුදන් කර ඇති බැවින් ඔහු අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙසට රීට් ආඥාවක් නිකුත් කරන්නැයි බිරිඳ ඉල්ලා සිටින්නීය. නීතීඥ සේනක ටයිටස් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ ඇත්තේ හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු පිරිසක්ය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment