
උතුරු පළාත් සභාවේ ප්‍රවාහන සහ ධීවර ඇමැති ධුරයෙන් බී.ඩෙනීෂ්වරන් මහතා ඉවත් කරමින් උතුරු ප්‍රධාන ආමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා දුන් නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඩෙනීෂ්වරම් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් ප්‍රධාන අමාත්‍යවරයා නිකුත් කළ ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලමින් ඒ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනත් ද සිල්වා මහතා මෙම පෙත්සම විභාග කර අවසන් වනතුරු එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment