නාවික හමුදාපතිගේ වාර්තා නොලැබීම තාජුඩීන් පරීක්ෂණ පමාවට හේතුවක්

Wasim-Thajudeen

නාවික හමුදාපතිවරයාගෙන්   වාර්තා නොලැබීම වසීම් තාජුඩීන් නඩුවේ විමර්ශන කටයුතු ප්‍රමාදයට හේතුවක් බැවින් ඒ සඳහා ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් වාර්තා  කරන ලෙස අධිකරණය අද   නීතිපතිට නියෝගයක් නිකුත් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටි නාවික හමුදා නිලධාරින් සම්බන්ධයෙන් වාර්තා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නොමැති  බව නාවික හමුදාපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළේය. මොහොමඩ් වසීම් තාජුඩීන් මහතා මරා දැමීමේ සිද්ධියේ සාක්කි වසන් කළැයි දැනට ඇප මත සිටින නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති  සුමිත් චම්පික,හිටපු  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර අද අධිකරණයේ පෙනී සිටියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකය මෙම පරීක්ෂණ පවත්වයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment