TNL විකාශන නතර කිරීම තුළ කිසිදු වෙනත් අරමුණක් නෑ : TRCය පිළිතුරු දෙයි.




ටෙල්ෂාන් ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබාගෙන තිබුණද පොල්ගහවෙල VHF11 හා VHF 03 භාවිතා කිරීමට කිසිදු අවසරයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගෙන නොමැති බව ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම TNL ආයතනය විසින් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය මඟින් විදුලි සංදේශ පනතේ අංක 22 වගන්ති උල්ලංඝනය වන පරිදි අනෙකුත් බලපත්‍ර ලබා දි ඇති රජයේ විකාශනයන්ට බාධා වන පරිදි වරින් වර දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කර ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

මෙම නීතිවිරෝධි විකාශන නවත්වන ලෙසට 2016.04.27 දින ලිපියෙන් එම ආයතනයට දැනුම් දී ඇති අතර එම නියෝගය එම ආයතනය විසින් නොසලකා හරිමින් මෙම විකාශනය ක්‍රියාත්මක කර ඇති බව ද ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත උල්ලංඝනය කරමින් නීතිය නොසලකා හැර කටයුතු කිරීම හේතු කොට ගෙන සිදු වුවක් වන අතර මෙම ක්‍රියාදාමය තුළ කිසිදු වෙනත් අමුණක් නොමැති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.


TRC චෝදනා බොරු : TNL ශාන් කියයි 

තම නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරයේ උපකරණ ගලවාගෙන යන ලද්දේ වැරදි හේතුවක් පෙන්වා යයි ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ  පවසයි.

විකාශනාගාරයක් පවත්වාගෙන යාම සදහා වන සියළු ගාස්තු රජයට තම ආයතනය විසින් ගෙවා ඇති බවද ඔහු සඳහන් කර ඇත.

විසිපස් වසරක් පැරණි තම ආයතනයට මීට පෙර කිසිදු අවස්ථාවක මෙවන් චෝදනාක් එල්ල වී නැති බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර ටී.එන්.එල්. මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය පවසන්නේ ඉදිරියේදී මේ සම්බන්ධව වැඩිදුර නීතිමය පියවර ගන්නා බවත් අධිකරණය හමුවේ තව දුරටත් සවිස්තර කරුණු දැක්වීමකට බලාපොරොත්තු වන බවත්ය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment