රුපියල් බිලියන 1.6 ක ශල්‍යාගාර අත්වැසුම් කොන්ත්‍රාත්තුවක් Sisili ට.




රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන, ශල්‍යාගාරවල අවශ්‍යතාව සඳහා එක්වරක් පමණක් භාවිත කරනු ලබන, එක් එක් යුගලය වෙන් වෙන්ව විෂබීජහරණය කර ඇසුරුම් කරන ලද ජීවාණුහරිත ශල්‍යාගාර රබර් අත්වැසුම් යුගල (විවිධ ප්‍රමාණවලින්) 31,041,000ක් සැපයීම සඳහා වූ කොන්ත්‍රාත්තුව සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන, රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන, විෂබීජහරණය නොකළ වෛද්‍ය පරීක්ෂණ අත්වැසුම් යුගල (විවිධ ප්‍රමාණවලින්) 79,430,000ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, පිළිවෙලින් රුපියල් මිලියන 1,199.9ක මුදලකට සහ රුපියල් මිලියන 448.3ක මුදලකට Sisili Project Consortium (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment