ලංගමයට නව බස් 500 ක්.



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන කාල සටහන අනුව මගී සේවා සපුරා ලීම සඳහා බස්රථ 7,257ක් අවශ්‍ය වුවද, බස්රථ ඌනතාව හේතුවෙන් දැනට ධාවනයට යොදවනු ලැබ ඇත්තේ බස්රථ 6,000ක් පමණි.

දැනට පවතින රථ ඇණියෙන් බස්රථ 1,560ක් වසර 15කට වඩා පැරණි ඒවා වන අතර, ඒවායෙහි නිරන්තර කාර්මික දෝෂයන් ඇති වීම හේතුවෙන් මගී අවශ්‍යතාවන් නිසි පරිදි සලසාලීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නොහැකි වී තිබේ.

බස්රථ වල නියමිත ආයු කාලය ඉක්මවීම සහ අනතුරුවලට ලක්වීම හේතුවෙන් වාර්ෂිකව බස්රථ 500ක් පමණ ධාවනයෙන් ඉවත් කළ යුතු වේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන නාගරික මගී සේවා වෙනුවෙන් යෙදවීමට උස් පිටුපස ඇන්ද සහිත ආසන 50-54 නව බස්රථ 400ක් සහ ග්‍රාමීය මගී සේවාවන් සඳහා යෙදවීම වෙනුවෙන් ආසන 32-35 නව බස්රථ 100ක් මිල දී ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment