TNL විකාශනාගාර මුද්‍රාවට හේතුව පසුගිය දා හෙළිදරව්වද?



අද (05) උදෑසන පොල්ගහවෙල පොලිස් ස්ථානය විසින් ටෙල්ශාන් නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ්  ආයතනයේ විකාශන කටයුතු සිදුකරනු ලබන පොල්ගහවෙල  විකාශනාගරයට මුද්‍රා තබා ඇති බව Info Sri Lanka News වෙත වාර්තා විය. 

ඒ අනුව අප එහි පාලනාධිකාරියෙන් මේ පිලිබඳ වැඩිදුර විමසීමක් කරනු ලැබූ අතර ඒ අනුව විස්තර මෙසේය. 

පොල්ගහවෙල ඕලුමුවා කන්දේ පිහිටි සිය විකාශනාගාරය බලපත්‍ර රහිතව පවත්වාගෙන යනු ලබන බවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඊයේ (04) දින පොල්ගහවෙල පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් මත එයට මුද්‍රා තබා එහි සන්නිවේදන උපකරණ අධිකරණය හමුවට පැවරිය යුතු බවට දැනුම්දී ඇති බවත් ඒ අනුව මේ වන විට (අද දහවල්) එහි සන්නිවේදන උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට බව පවසමින් විකාෂනාගාරයෙන් බැහැරට ගෙනයමින් පවතින බව අප සමඟ සඳහන් කළේය. 

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ තම ආයතනය TRC ආයතනය මගින් ලබාගත් නිල බලපත්‍රයක් සහිතව මෙය පවත්වාගෙන යන බවත් ගෙවිය යුතු මුදල් ආදියද මේ වනවිට ගෙවා ඇති බැවින් මෙලෙස TRC කටයුතු කිරීම සැක සහිත බවයි. TNL පුවත් අංශය විසින් පසුගියදා රටේ ඉහලම තනතුරක් දරන පුද්ගලයෙක් පිලිබඳ හෙළිකිරීම් කිහිපයක් සිදුකර ඇති බැවින්, ඒ හේතුවෙන් මෙලෙස දේශපාලන පලිගැනීම් සිදුකරන්නේද, යන සැකය පවතින බවත් එහිදී සඳහන් කළේය.

කරුණු කෙසේ වෙතත් මිට පෙර අප වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි රැසක් වත්මන් යහපාලනය තුලත් වාරණයට ලක්වූ අතර ඉන් නොනැවතී මෙලෙස විද්‍යුත් මාධ්‍ය ආයතන හෝ විකාශනාගාර වෙත කරනු ලබන අයහපත් බලපෑම Info Sri Lanka අපි හෙලා දකිමු .

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment