තලාව බැංකු මංකොල්ලය කළමනාකරුගේ නොසැලකිල්ලෙන් වූ දෙයක් - සැකකරුවන් 03ක් හඳුනාගෙන.


තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුව අනාරක්ෂිත බවටත්, එම නිසා එහි ආරක්ෂක විධිවිධාන තර කර ගන්නා ලෙසටත් තලාව පොලීසිය විසින් අවස්ථා දෙකකදී බැංකු කළමනාකාරීත්වයට දැනුම් දී තිබුණේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් 2017 වසරේ සැප්තැම්බර් 25 වැනි දිනත් ඉකුත් මස 19 වැනි දිනත්  මෙලෙස බැංකු කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.  එම දැනුම් දීම පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් තොරතුරු

පොතෙහි සටහන්ද දමා ඇතැයි හෙතෙම කියා සිටියේය.

එහෙත් මේ සම්බන්ධයෙන් බැංකු කළමනාකාරීත්වය නිසි  ක්‍රියාමාර්ග නොගෙන ඉල්ලීම පැහැර හැර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එසේම තලාව බැංකුවේ සේප්පු තුනක් කපා එහි තිබූ මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන යෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් නවයක් පරික්ෂණ ආරම්භ කර තිබේ.

මෙම සොරකමට සම්බන්ධ බව පැවසෙන පුද්ගලයන් තිදෙනකු හඳුනාගෙන ඇති බවද, උසස් පොලිස් නිලධාරියකු අප වෙත පැවැසීය.


ලැබී ඇති සාක්ෂි මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවද එම නිලධාරියා සඳහන් කළේය. බැංකුවේ සේප්පුව තුළ තිබූ රුපියල් හත්කෝටි අසූ ලක්ෂයක් වටිනා රන් ආභරණ සහ රුපියල්. එකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා මුදල් සොරු කණ්ඩායමක් විසින් මෙසේ සොරාගෙන ගොස් තිබිණි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment