මඩමට එක්කං යන්න හැදුවාට 92 හැවිරිදි මව 72 හැවිරිදි පුතාට වෙඩි තබා මරලා



ඇමරිකාවේ අරිසෝනාහි 92 හැවිරිදි කාන්තාවකට ඇගේ පුතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. ඇය ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඇයව රැකබලා ගැනීම සඳහා වූ නිවසක තැබීමට තීරණය
කිරීම නොඉවසූ නිසාය.

සිද්ධිය නිසා මියගිය පුතා 72 හැවිරිදි වියේ පසුවිය.
ඔහුගේ පෙම්වතියක බව කියන කාන්තාවක සමග මෙම මහලු කාන්තාවද එකම නිවසේ වාසය කර ඇති අතර එම කාන්තාවට තවදුරටත් 92 හැවිරිදි මව හිසරදයක්වූ නිසා ඇයව නිවසින් ඉවත් කරන්නට සැලසුම් කර ඇත.
පුතා සහ පෙම්වතියගේ සැලසුම ගැන පසුගිය දිනවල ඉව වැටී එයට විරුද්ධවූ මව සිද්ධිය වූ දිනයේ නිවසේ තිබූ පිස්තෝලයකින් පුතාට වෙඩි පහර කිහිපයක් එල්ල කර ඝාතනය කළ බව කියැවේ."ඔබ මගේ ජීවිතය ගත් නිසා, මම ඔබේ ජීවිතය රැගෙන යනවා" යැයි පවසමින් ඇය ඝාතනය සිදු කළ බව පරීක්ෂණ වලදී එළිව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වයෝවෘද්ධ මාතාව අත්අඩංගුවට පත්ව ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment