ඇවන්ගාඩ් නඩුවේ ගෝඨාගේ අභියාචනය 04 වෙනිදාට කල්යයි

Court-Hammer_13_02_2017

අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට   ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට අවසර දීමෙන්    රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවට එරෙහි අභියාචනය අනිද්දා යළි සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීමට කල් ලබා දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමන් සැලකිල්ලට ගෙන මෙලෙස නඩුව හතර වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන  අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි මහත්වරු නියෝග කළහ. මෙම අල්ලස්  නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බවට   හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පාර්ශ්වයෙන් විරෝධතා ගොනු කළ අතර මහේස්ත්‍රාත් අධිකරණය එම විරෝධතා ප්‍රතික්ෂේප කළේය.   මහේස්ත‍්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත රාජපක්ෂ මහතා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළ අතර මහාධිකරණය ද එය ප්‍රතික්ෂේප කළේය. එම තීන්දු දෙකම ඉවත් කර ඇවන්ගාඩ් නඩුවෙන් තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ නඩු පවරා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment