සංවර්ධන ව්‍යාපෘතිවල ඵලදායිතාව ඇගයීමට ජාතික ප්‍රතිපත්තියක්!



සෑම වර්ෂයකම රජය විසින් රටපුරා විවිධ සංවර්ධන ව්‍යාපෘති 1,300ක් පමණ ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒවා අතුරින් 1/3ක් පමණ ව්‍යාපෘති, රුපියල් මිලියන 500කට අධික පිරිවැයක් යොදමින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ ව්‍යාපෘති වශයෙන් හඳුනාගත හැකිය.

මෙම ව්‍යාපෘතිවලට අමතරව පළාත්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය හා පළාත් පාලන මට්ටමින් කුඩා හා මධ්‍ය පරිමාණ සංවර්ධන ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක්ද ක්‍රියාත්මක කරනු ලැබේ.

එසේ වුවත්, එම සංවර්ධන ව්‍යාපෘතිවලින් ලැබෙන ප්‍රතිඵල ඇගයීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති වීම හේතුවෙන් ඒවායේ ඵලදායිතාව, එම ව්‍යාපෘති මඟින් ජන ජීවිතයට ඇති කළ බලපෑම හෝ ඒවායේ දිගුකාලීන ප්‍රතිඵල නිසි පරිදි විශ්ලේෂණය කිරීම අපහසු වී තිබේ.

ඒ අනුව, මෙම තත්ත්වය සඳහා පිළියමක් ලෙස අදාළ පාර්ශ්වයන්ගේ හා විද්වතුන්ගේ දායකත්වය ඇතිව කෙටුම්පත් කරනු ලැබ ඇති ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment