Euro 4 අද සිට.




ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සූපර් ඩීසල් සඳහා ආදේශකයක් ලෙසින් Euro 4 ඉන්ධන වර්ගය හඳුන්වා දීම අද (02) පෙරවරුවේ දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටි සී.එෆ්. ද මෙල් සහ පුත්‍රයෝ ඉන්ධන පිරවුම්හලේ දී මෙම හඳුන්වා දීම සිදුවිය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

“මෙය පරිසරයට හානි නොවන පෙට්‍රල් ඩීසල් වර්ගයක් ලෙසින් තමයි යුරෝපයේ මේ තත්ත්ව පාලනය කරන්නේ. ඒක හින්දා අපිත් හිතුවා රටක් හැටියට, අපිත් මේවා වෙනස් වෙන්න ඕනේ කියලා, ඉදිරි අනාගතය ගැන හිතලා. ලෝකෙම අවධානය යොමු වෙලා තියෙනවා ඉදිරි අනාගතය ගැන. පරිසරය ආරක්ෂා කරන්න. ඒ සඳහා පහුගිය මාස තුනක්  තුනහමාරක් තිස්සේ ආයතනය විශාල කාර්යභාරයක් කළා. ඒ හරහා තමයි අද මෙය හඳුන්වා දුන්නේ.“

“යුරෝපයේ තත්ත්ව තියෙනවා. Euro 4, Euro 5, Euro 6 යනාදී වශයෙන්. Euro5, 6 මට්ටමට යන්න අපිට අමාරුයි. එහෙම යනවා නම් ගොඩක් වෙලාවට මුදල වැඩිවෙනවා. මෙහේ පාවිච්චි කරන කොට මුදල ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. ඒ හරහා තමයි මේ තත්ත්වය දැනට ඇති කරලා තියෙන්නේ.“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment