”මනුෂත්වයේ පහන්” දැල්වීම ජූලි 07 සිට දිවයින පුරා

Poster Sinhala

”එක රටක් මනු පවුරක්” තේමාව යටතේ ජාතික සමගිය ගොඩනැංවීමේ අරමුණින් යුතුව වැඩසටහන් රාශියක් සංවිධානය කොට තිබේ. ඒ අනුව ජූලි මස 07 වැනි දින දිවයින පුරා ”මනුෂ්‍යත්වයේ පහන් සිළු” නමින් වැඩසටහනක් සංවිධානය කර තිබෙන අතර එම වැඩසටහන මඟින් 1983 දී මෙරට ඇති වූ ”කළු ජූලියෙන්” බිඳුණු සිත් සුවපත් කිරීම අරමුණු කොටගෙන ඇත. එම පහන් දැල්වීමේ වැඩසටහනේ ජාතික උත්සවය ජූලි 07 වන දින සවස 06ට කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ ළමා උයන අසලදී පැවැත්වීමට නියමිතයි. සෙසු වැඩසටහන් එදිනම අනුරාධපුර, මාතර, හම්බන්තොට, කලූතර, ගම්පහ, මාතලේ, බදුල්ල, මොනරාගල, ගාල්ල, නුවර, රත්නපුර, නුවරඑළිය, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල, අම්පාර සහ කිළිනොච්චිය යන දිස්ත‍්‍රික්කවලදී ද ජූලි 08 වන දින පුත්තලම දිස්ත‍්‍රික්කයේදී ද ජූලි 11 දින වව්නියාව සහ ජූලි 12 දින යාපනය යන දිස්ත‍්‍රික්කවලදී ද පැවැත්වීමට නියමිතයි. එසේම එම වැඩසටහනට සමගාමීව පසුගිය පොසොන් පොහොය නිමිති කොටගෙන ද දිවයින පුරා දිස්ත‍්‍රික්ක ගණනාවකම දන්සැල් සහ ජාතික සමගි බණ දෙසුම් සංවිධානය කොට තිබූ අතර තෝරාගත් ගම්මාන සියයක් ”මනු පවුරු ගොඩනැගීම” නමින් විශේෂ වැඩසටහන් පෙළක් ද සංවිධානය කර තිබේ. මෙම වැඩසටහන් සමාජවාදී තරුණ සංගමය, ජාතික භික්ෂු පෙරමුණ, සමාජවාදී කලා සංගමය, ජාතික මාධ්‍ය සංසදය, ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, තරුණ හින්දු සංගමය, ජාතික විද්වත් සංවිධානය, ලංකා ගුරු සේවා සංගමය, සමාජය හා සාමයික කේන්ද්‍රය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තරුණ මුස්ලිම් සංගමය, සමාජ සමානාත්මතාවය උදෙසා සරසවි ආචාර්යවරු, සමස්ත ලංකා මුස්ලිම් තරුණ පෙරමුණ, දමිළ මාධ්‍ය සංගමය, එකමුතුව සඳහා ජන රැුලිය, අන්තර් සමාගම් සේවක සංගමය සහ ශ‍්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය යන සංවිධානවල එකතුවෙන් පැවැත්වේ. Poster Sinhala
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment