චීනය ටැක්ස් ගසා වට්ටන්න ට්‍රම්ප්ගේ ප්ලෑනක්


ඇමෙරිකා එක්සත් ජනපදයෙන් චීනය වෙත ආනයනය කරනු ලබන ඩොලර් බිලියන 34ක් වටිනා භාණ්ඩ සදහා ලබන ජූලි 06 වැනිදා සිට තීරුබදු පැනවීමට චීන බලධාරින් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජනපදය වෙත චීනයෙන් ආනයනය කෙරෙනු ලබන ඩොලර් බිලියන 34ක භාණ්ඩ සඳහා, එදින පටන්ම ක්‍රියාත්මක වන ලෙස තීරුබදු පනවන බවට එක්සත් ජනපද බලධාරීන් සිදුකළ නිවේදනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස චීනය මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසා සිටියි.

ලබන ජුලි 06 වැනිදා පටන් චීනය ක්‍රියාත්මක කරනු ලබන මෙම නව තීරුබදු පැනවීම් යටතේ එක්සත් ජනපද කෘෂිකාර්මික නිෂ්පාදන සහ මෝටර් රථ නිෂ්පාදනද පවතී.

කෙසේ වෙතත් පිටරට අතර පවතින කාල වෙනස අනුව එක්සත් ජනපදයේ මම තීරු බදු පැනවීම ක්‍රියාත්මක වීමට පැය 12කට පෙරාතුව චීනයේ මෙම බදු පැනවීම ක්‍රියාත්මක වන බව පැවසෙයි.
එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය යටත් මෙම වසර මුල සිට මෙම බදු පැනවීම් පිළිබඳ තීරණය ගෙන තිබේ.

විශේෂයෙන්ම චීනය විසින් සිදුකරන අසාධාරණ වෙළඳාමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම තීරුබදු පනවන බව එක්සත් ජනපදය පවසා සිටියි. ඒ යටතේ පළමුවෙන්ම පසුගිය මාර්තු 25 වැනිදා  චීනයේ සිට එක්සත් ජනපදය වෙත ආනයන කරන ලෝහ සඳහා 25%ක බද්දක්ද ඇලුමිනියම් සදහා 10% ක බදුද පැනවුණි. එක්සත් ජනපදය තම බදු පැනවීමේ තීරණය ප්‍රකාශයට පත් කරමින් පසුගිය ජුනි 15 වැනිදා, චීනයේ සිට එරටට ආනයනය කරනු ලබන භාණ්ඩ අයිතම 818ක් සදහා අමතර 25%ක බදු පැනවීමක්  සිදු කළේය. ජුලි 06 වැනිදා සිට ක්‍රියාත්මක මෙම තීරූ බදු පැනවීමේ අවස්ථාවත් ඒ සමගින්ම යෝජනා විතිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment