පරීක්ෂණවලට සහය දෙන බව විජයකලා කියයි

download

තමා කළ ප්‍රකාශය ගැන පැවැත්වෙන පරීක්ෂණවලට සහාය දැක්වීමක් ලෙස ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කළාය. තමා කළ කතාව ඇතැම් මාධ්‍ය විකෘති කර තිබුණු බවත්, ජාතිවාදය ඇවිස්වීම හෝ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම තම අරමුණ නොවූ බවත් ඇය කීවාය. තමාට අවශ්‍ය වූයේ උතුරේ ඇතිවන අපරාධ ගැන සහ ආරක්ෂාවේ වෙනස ගැන ප්‍රකාශ කිරීම බවත් මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කළාය. ‘‘මම  කළ කතාව ඇතැම් මාධ්‍ය පරිවර්ථනයේ දී විකෘති කර තිබුණා.   පරිවර්තනය කරද්දී සුලු අතපසුවීමකින් පවා අර්ථය විශාල වශයෙන් වෙනස් වෙනවා. මේ කතාවත් එලෙස තමයි වෙලා තිබුණේ.‘ යැයි ද ඇය සඳහන් කළාය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment