19 යේ හිලකින් රිංගා මහින්ද 2020 ට..?



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම කෙරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා වී ඇත.

මේ කාරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය මෙසේ යොමු වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ සුප්‍රසිද්ධ  නීතීඥ කණ්ඩායමක් පෙන්වා දී ඇති කරුණු අනුවය.

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ සුප්‍රසිද්ධ  නීතීඥ කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පෙන්වා දී තිබෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2020 ජනාධිපතිවරණය සඳහා තෙවැනි වරටත් ඉදිරිපත් වීමට ඔහුට ව්‍යවස්ථානුකුල බාධාවක් නොමැති බවය.

ජනාධිපති අපේක්ෂකයා ලෙස තෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් විය හැකි බවට නීතිය හමුවේ තර්ක කළ හැකි,  19 වැනි ව්‍යවස්ථාවේ තිබෙන ඒ ඒ පැහැදිළි අඩු පාඩු,හිඩැස් සහ දුර්වලතා පිළිබඳව එම කණ්ඩායම ඔහුට කරුණු පෙන්වා දී තිබේ.

එම නීති උපදෙස් අනුව 2020 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාම යෝජනා භාර දෙනු ඇත.

එහිදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරපත් වීමට නොහැකි බව කියමින් මැතවරණ කොමසාරිස්වරයා ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කළොත් ඊට එරෙහිව ඒ මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණයට  ගොස් අදාළ නීති තර්ක මතු කර අධිකරණයේ මතය විමසා තීන්දුවක් ඉල්ලා සිටීමට දැනට තීරණය කර ඇත.

[Lankanewsweek | සුජිත් මංගල ද සිල්වා]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment