ෆේස් බුක් එකින් සෙට්වී කුඩු ගැසූ 19ක් ආඳාදොළ හෝටලයෙදී මාට්ටු


සමාජජාලය හරහා මිතුරු වූ පිරිසක් විසින් වතුගෙදර ආඳාදොළ ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කළ විශේෂ සංගීත සාදයකදී මත්ද්‍රව්‍ය සම්බන්ධව සැකකරුවන් 19 දෙනකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය
පවසයි.  මේ විශේෂ සාදය සඳහා සමාජාලය මඟින් ආරාධනා ලබාදී තිබේ. කාන්තාවන්ට නොමිලේ සාදයට සහභාගි වීමට අවස්ථාව ලබාදී තිබෙන අතර පිරිමි පාර්ශ්වයෙන් රුපියල් දෙදහසක (2000) මුදලක් අය කරගෙන තිබේ.  දහසකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවේශ පත්‍ර මිලට ගෙන තිබේ.


හෝටලය වටා පොලීස් විශේෂ මෙහෙයුමක් යොදවා තිබූ නිසා පන්සීයක පමණ පිරිසක් සාදයට සහභාගි වී තිබිණි. අත්අඩංගුවට ගත් පිරිස අතර ගංජා ළඟ තබා ගැනීමේ වරදට නව දෙනෙක්ද,  නරක් වූ මත්පැන්, මස්පති හා බලපත්  නොමැතිව මත්පැන් විකුණූ නව දෙනෙක්ද අශෝභන ලෙස හැසිරීම් සම්බන්ධව එක් අයෙක්ද සිටින බව පොලිසිය කියයි. ඔවුන් බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතාගේ උපදෙස් පරිදි අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ඉන්දික ගමගේ මහතා ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කළහ.

-සංජීව මණික්කුවාවඩු-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment