ඉන්ධනහලේ රෑ වැඩ කළ පොම්පකරු ලක්ෂ නවයකුත් අරන් පාන්දර අතුරුදහන්


මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්පොළක පොම්පකරුවකු ලෙස සේවය කරමින් සිට දෛනිකව එකතු වූ රුපියල් නව ලක්ෂ හැත්තෑඑක්දහස් පන්සිය විසි එකක මුදලක් ගෙන පලාගොස් සිටි සැකකරු මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන
25 වැනිදා දක්වා

රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය 13 වැනිදා නියම කළාය.

ජාඇළ, එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.  සැකකරු ඉකුත් 09 වැනිදා රාත්‍රි සේවා මුර නිමකොට 10 වැනිදා අලුයම අනෙකුත් සේවකයන් සේවයට පැමිණි පසු මුදල් කළමනාකරුට භාර නොදී පලාගොස් එම මුදලින් රුපියල් දෙලක්ෂ විසිපන් දහසක මුදලක් සැකකරු ගෙන තිබූ ණය මුදලක් ගෙවා ඇති බවත් ඉතිරි මුදල් කැසිනෝ ගැසීමට ගොස් පරාද වූ බවත් සැකකරු ප්‍රකාශ කර ඇත. එබැවින් වැඩිදුර විමර්ශන කරන බවට සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සැරයන් අබේරත්න (20305) නිලධාරියා අධිකරණය හමුවේ පැවැසීය.

-ටෝනි කේ. අතුකෝරල-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment