2020ත් මෛත්‍රී!



2020 ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇති බවත් නියත වශයෙන්ම ඔහු ජයග්‍රහණය කරනු ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ඊයේ (25) සන්ධාන පළාත් පාලන මන්ත්‍රීවරු සමඟ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව ජනාධිපති අපේක්ෂයන් ගැන හෝ වැඩපිළිවෙලවල් ඉදිරිපත් කිරීමට හෝ අවශ්‍ය නොවන බවයි අමරවීර මහතා සඳහන් කළේ.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාට කිසිදු පුද්ගලයෙක් අභියෝගයක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපති වීම පිළිබඳ දැඩි විශ්වාසයකින් කතා කරන්නේ කුමක් හෝ මැජික් එකක් හෝ 2014 දී මෙන් ආප්ප කෑමකට සූදානම් වන්නේ දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් අමරවීර මහතා ප්‍රකාශ කළේ ආප්ප බැරිනම් පිට්ටු ඉදිආප්ප කාලා හරි වැඩේ කරන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment