මහින්ද ඉයන් පේස්ලිට පවුම් 230,000ක් දීලා : පේස්ලි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉවතට.



බ්‍රිතාන්‍ය ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් ෆේස්ලි මහතා වෙත 2013 වසරේ දී පසුගිය පාලන සමයේ පවුම් 230,000ක මුදලක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) ප්‍රකාශ කළේය.

අවස්ථා දෙකක දී මෙම මුදල් ප්‍රමාණය ඉයන් ෆේස්ලි මහතා වෙත ලබා දී ඇති බවත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හේතුවෙන් ඉයන් ෆේස්ලි මහතාට මසක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කටයුතු කළ බවත් රත්නායක මහතා සඳහන් කළේය.

එමෙන්ම ඉයන් ෆේඩ්ලි මහතාට පැවරු වගකීම ඉටු කිරීම වෙනුවෙන් පසුගිය රජය ඒ මහතාට හා පවුලේ උදවියට ශ්‍රිලංකාවට පැමිණීමට හා සංචාරය සඳහා අවස්ථාව ලබා දී ඇති බවත් බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු තහනමක්

මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ වියදමින් සුඛෝපභෝගී නිවාඩු ගත කිරීම ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීමෙන් පාර්ලිමේන්තුව අපකීර්තියට පත්කළ බවට චෝදනා එල්ල වූ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඉයන් පේස්ලි මන්ත්‍රීවරයාට සභාවාර 30ක් සඳහා පාර්ලිමේන්තු තහනමක් පනවා ඇත.

අගමැති තෙරේසා මේ ගේ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බහුතරය ලබාදීමට හවුල් වී සිටින, ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂය නියෝජනය කරන පේස්ලිට පැනවූ තහනමත් සමඟ තෙරේසා මේ අගමැතිනියගේ පාර්ලිමේන්තු බලය තව දුරටත් අභියෝගයකට ලක්වනු ඇත.

වෙස්මිනිස්ටර් නීතිය කඩ කරමින් ශ්‍රී ලංකාවේ මහජන මුදලින් පවුම් ලක්ෂයකට (රුපියල් මිලියන 20කට ) අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී සවාරි භුක්ති විඳි සම්බන්ධයෙන් ඔහු වරදකරු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා ව සම්බන්ධයෙන් යෝජනාවේදී, ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීම සඳහා අගමැති ඩේවිඩ් කැමරන්ට බලපෑම් කිරීමට පේස්ලි කටයුතු කර තිබිණි.

මෙම සභාවාර 30ක තහනම් පසුගිය වසර 15ක කාලය තුළ බ්‍රිතාන්‍ය පහළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට පැන වූ දීර්ඝතම පාර්ලිමේන්තු තහනම බවට වාර්තා වේ.

'මෙම කාරණයේ බරපතළකම හේතුවෙන්, 2018 සැප්තැම්බර් 4 වන දින සිටදින 30 ක් සඳහා පේස්ලි මහතාගේ සේවය තහනම් කරන ලෙස නිර්දේශ කරමු.' යැයි එරට පාර්ලිමේන්තු පොදු ප්‍රමිති කමිටුව ප්‍රකාශ කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment