කැලණි ගඟේ ජල ගැලීම් අනාගතේදි වළක්වන්න මීටර් 3ක් උස වේලි 2ක්

කැලණි ගඟේ ජල ගැලීම් වැළැක්වීමට හංවැල්ල සිට මෝදර දක්වා කැලණි ගඟ දෙපස මීටර් 3ක් උස වේලි දෙකක් හා කොන්ක්‍රීට් බැමි ඉදි කිරීමට පියවර ගන්නා බව දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘති
අධ්‍යක්ෂ ඉංජිනේරු

සුධර්ම ඇළකන්ද මහතා පවසයි.

ඒ අනුව ලබන වසර අවසන් වන විට එම වේලි සමඟ පිටත එකතු වෙන වැඩි ජලය ගඟට යාමට ජල දොරවල් හා පොම්පාගාර ඉදි කරන බවද සුධර්ම ඇළකන්ද මහතා පවසයි. මේ වේලි දෙක ඉදි කිරීම කැලණි ගඟේ සිට මීටර් 50ක් දුරින් සිදු වන බවත්, මේ සඳහා අවශ්‍ය අයට නව ඉඩම් හා වන්දි ලබාදෙන බවත් අධ්‍යක්ෂවරයා පවසයි. මේ ප්‍රදේශය උද්‍යාන අලංකරණය කර සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා වෙන් කෙරේ.

නිහාල් ප‍ී. අබේසිංහ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment