විනය නැති ක්‍රීඩකයින්ට සමාවක් දෙන්න බෑ- ඇන්ජලෝ මැතිව්ස්

කුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට තමා ඇතුළු කණ්ඩායම මනා සූදානමකින් පසු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විනය ගැටලු දැඩි ලෙස සලකන බවත් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
හෙට ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ කීවේය.
  ‘තරගයට අපි හොඳ සූදානමක් තියෙනවා මම හිතන්නේ ටෙස්ට් තරගාවලියෙන් පස්සේ ඒ ලබා ගත්ත කොන්ෆිඩන්ට් අපි වන්ඩේ වලට ලබාගෙන තියෙනවා. නමුත් අපිට කිසිසේත්ම දකුණු අප්‍රිකා කණ්ඩායම ලේසියට ගන්න බෑ මොකද ඔවුන්ට

අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඉන්නවා එක්දින කණ්ඩායමේ
ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ඇතිවූ දේවල් ගැන  හුඟාක් කණගාටුයි කණ්ඩායම මේ හොඳට ක්‍රීඩා කරන වෙලාවක ක්‍රීඩකයෙකු නැති වෙන එක ගැන. ඒ වගේම ඕනේම ක්‍රීඩකයෙක් විනයක් නොමැතිව කටයුතු කරනවානම් ඒ පිළිබඳව අපි සමාව දෙන්න බෑ. එගොල්ලෝ කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයා වෙන්න පුළුවන් නමුත් කණ්ඩායමේ නීතී වලට පටහැනිව විනය විරෝධී ක්‍රියාවන්වලට අපිට ඉඩදිය නොහැකියි.

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 5 ක් ඇතුළත් අතර එහි පළමු තරගය හෙට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment