එස් 3 නැති 54 ක් සයිටම් වෛද්‍ය උපාධිය කරමින් සිට ඉඳලා


සයිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමේදී උසස් පෙළ විභාගයේ එස් තුන (S-3) සුදුසුකම හෝ නොමැති ශිෂ්‍යයන් 54 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමවුපිය සංගම සඳහන් කරයි. සියලු දෙනාගේ ඉල්ලීම වී තිබුණේ  උසස් පෙළ විභාගයේ සම්මාන සාමර්ථ
දෙකක් (c-2) සහ සාමාන්‍ය සාමර්ථ එකක (S-1) යන අධහපන පදනමින්
කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කළ යුතුය යන්න බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.

එහෙත් විවිධ පිරිස්වල බලපෑමට උසස් පෙළ විභාගයේ එස්තුන අධ්‍යාපන පදනමින්

සයිටම් ශිෂයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

අඩු අධ්‍යාපන සුදුසුකම සලකා බැලූවද, එම අධ්‍යාපන සුදුසුකම හෝ නොමැති 54 දෙනෙකු සිටින බවට තහවුරු වී තිබන බවත්, එම 54 දෙනාද කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට තීරණයක් ගෙන තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම පහත දැමීම හා එම සුදුසුකමත්  සම්පූර්ණ නොකළ 54 දෙනෙකු වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස කොතලාවල වෛද්‍ය පීඨයට බඳවා ගැනීම හරහා වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳ යළිත් වරක් ගැටලු සහගත තත්වයක් ඇතිවී තිබෙන බවද ඔහු පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment