ෆේස්බුක් කොමෙන්ට් ප්‍රශ්න කියමින් ආ කෙල්ලන් 6 ක් කුරුණෑගල පොලිසියෙදී කෙහෙවලු පටලගෙන


මුහුණුපොත හරහා අසභ්‍ය ඡායාරූප  හා වචන යොදා එකිනෙකාට අපවාද කිරීම සම්බන්ධ පැමිණිල්ලක් පෙරේදා (08) විභාග කිරීමේදී පොලීසිය තුළ ගැටුම් ඇතිකර ගත් තරුණියන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන  පොලීස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතා
පැවසීය.
 උපකාරක පන්ති සිසුවියන් යැයි පැවසෙන කුරුණෑගල නගරය, ගැට්ටුවාන. හා මල්කඩුවාව යන ප්‍රදේශයන්හි  පදිංචි වයස අවුරුදු 18ත් 21ත් අතර පසුවන තරුණියෝ හයදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
අසභ්‍ය ඡායාරූප  හා වචන යොදා කොමෙන්ට් කිරීම, මුහුණු පොතේ

පෙම්වතුන් පටලා අයුතු ලාබගැනීම වැනි වැරදි කිහිපයක් ගැන පැමිණිල්ල විභාගකරමින් සිටියදී තරුණියන් එකිනෙකාට චෝදනා කරමින් ඇරඹූ වචන හරඹය පසුව කෙස්වලු පටලවාගෙන අතින් පයින් ගුටි ඇනගැනීම දක්වා වර්ධනය ළුී ඇත්්තේ කුරුණෑගල පොලිසිය දෙදරවමිනි.
සැකකාර තරුණියන් මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට කාන්තා පොලිස් නිලධාරීනියන් 11 දෙනෙකු යෙදවීමට සිදු වූ බව ද පැවසිණි.
මොවුන් සියලු දෙනාම මීට පෙර යෙහෙළියන් ලෙස ඇසුරු කළ අය බවට අනාවරණය වී ඇති බවත් සැකකාරියන් මුහුණු පොත හරහා ඡායාරූප පළ කර තරුණයන්ගෙන් අයුතු ලාභ ප්‍රයෝජන
ලබන අයද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් හයදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment