පෙර පාසල් දැරිය අයුතු ලෙස ස්‌පර්ශ කළ 73 හැවිරිදි වෑන් රථ රියදුරු හිරේ


අවුරුදු 3 1/2 ක්‌ වයසැති පෙර පාසල් දරුවකු අයුතු ලෙස ස්‌පර්ශ කිරීමේ අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ 73 හැවිරිදි පාසල් වෑන් රථ රියෑදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (10 දා) බරපතළ වැඩසහිත වසර හතක සිරදඬුවම් නියම කළේය.

 එයට අමතරව

රුපියල් 25,000 ක දඩයක්‌ ද එහිදී නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් එක්‌ වසරක සිරදඬුවමක්‌ විත්තිකරුට ලබාදීමටද නියෝග කළේය.

 අගතියට පත් දැරියට රුපියල් ලක්‍ෂයක වන්දියක්‌ ගෙවන ලෙසටද එහිදී විත්තිකරුට නියෝග කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එකී වන්දිය නොගෙවන්නේ නම් බරපතළ වැඩසහිත අමතර වසර දෙකක සිරදඬුවම් ලබාදීමටද නියෝග කළේය.

 2010 වසරේදී කොළඹ දී සිය පාසල් වෑන් රථයෙන් පෙර පාසලකට ගෙන ගිය එවකට වසර 3 1/2 ක්‌ වූ දැරියව අයුතු ලෙස ස්‌පර්ශ කිරීම ඇතුළු අධිචෝදනා තුනක්‌ යටතේ එවකට වයස අවුරුදු 65 ක්‌ වූ එම පාසල් වෑන් රථ රියෑදුරුට එරෙහිව ළමා ආරක්‍ෂණ අධිකාරිය සිදුකළ විමර්ශනයක්‌ අනුව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment