පුටීන්ට සමීප වුණැයි ට්‍රම්ප්ට දොස්


ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් හමුවී. හිතවත්කම් පැවැත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දොස් අසන්න සිදුව ඇත. ඇමරිකන් ජනාධිපති සහ රුසියානු ජනාධිපති දෙරට අතර ඇති අර්බුද සමිබන්ධයෙන් මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය.

රුසියා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීම සමිබන්ධයෙන් ප්‍රතිවාදි ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පමණක් නොව. ට්‍රම්ප්ගේ රිපබිලිකන් පාක්ෂිකයන්ගෙන් පවා  විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.බොහෝ දෙනකු දොස් නගා අත්තේ ට්‍රෂිප් ඇමෙරිකාව පාවා දුන් බවටය. "රුසියා බුද්ධි අංශ ඔවුන්ගේ වාසියට

ඕනෑම කෙනකු නම්මා ගන්නවා ඒකට ඔවුන් ශූරය ඒත් ඔවුන් ඇමෙරිකන් ජනාධිපතිවරයකු ඔවුන්ගේ පැත්තට ගනීවි මම කවදාවත් හිතුවේ නැහැ යැයි ටෙක්සාස් ජනපදයේ රිපබිලිකන් නියෝජිත විල් හර්ඩි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.

 රුසියාව සහ ඇමරිකාව අතර ඇයිහොඳයිකම් පළුඳු වූයේ ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටිද්දීය. ඒ, යුක්රේන සහ සිරියානු අර්බුදයට රුසියාව මැදිහත් විම හෙලා දකිමිනි. ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු පුටින් සමග යහපත් සබඳතා පැවැත්වීමට උත්සාහ ගත්තේය පෙරේදා (16) පැවැති හමුව නිමාවට පත් වූයේ, ඇමරීකා ජනාධිපති ප්‍රමිප් සහ රුසියානු ජනාධිපති පුටින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය. එහිදී ට්‍රම්ප් කියා සිටියේ, සාකච්ඡා සාර්ථක වුණු බවත්. රුසියාව සමග යහපත් සබඳතා ඇති කර ගැනීමට තමන් සමත් වුණු බවය. ට්‍රම්ප් ඇමෙරීකා ජනාධිපති ධුරයට පත් වුණු. 2016 ඇමරිකන් ජනාධිපතිවරණයට මැදිහත් වීම ප්‍රතිපල වෙනස් කළේ යැයි

රුසියාවට සහ රුසියානු ජනාධිපති පුටින්ට එල්ල වී ඇති චෝදනා රුසියා ජනාධිපති පුටින් යළිත් වරක් තරයේ ප්‍රතික්ෂේප කළ අතර

ජනාධිපති ට්‍රම්ප් එය පිළිගත්තේය. ට්‍රම්ප් එසේ කළේ, ඇමෙරිකන් බුද්ධි අංශ විසින්, එය තහවුරු කරනු ලැබ ඇති අවස්ථාවකදිය. එහෙයින්, ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය ඇමරීකන් බුද්ධි අංශ ප්‍රධානීන්ගේ පවා විරෝධියට හේතුවක් විය. පින්ලන්තයේ පැවැත්වුණු සමුළුවට ටුමිප් සහභාගී වූයේ බ්‍රිතාන්‍ය සංචාරය අවසන් කරමිණි. පුටින් ෆින්ලන්තයට පැමිණියේ පාපන්දු ලෝක කුසලානයේ කටයුතු අවසන් කරමිණි. රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සිහිවිම නිමිත්තන් රුසියා ජනාධිපතිවරයා, ඇමෙරිකා ජනාධිපතිවරයාට පාපන්දුවක් ද තිළිණ කළේය. එම අවස්ථාවට ට්‍රම්ප් බිරිඳ මෙලානියා ද එක් වී සිටියාය.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget