විජයකලා ගැන පියවරක් ගන්නවා – අගමැති

RANIL_MAY

එල්ටීටීඊ සංවිධානය යළි ගෙන ඒමට අවශ්‍ය නැති බවත්, ඒ ගැන විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. “අපි සෑම විටම මේ රටේ ඒකියභාවය ආරක්ෂා කරනවා. ඒ.ටී.ටී.ඊ සංවිධානය තහනම් කර තිබෙනවා. තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ගෙන ඒමට අවශ්‍ය නෑ. මේ රටේ ඒකීයභාවය බුද්ධාගමේ ප්‍රමුඛතාවය ආරක්ෂා කරගනිමින් මේ රටට අවශ්‍ය සිංහල,දෙමළ,මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වන දේශපාලන විසඳුමකින් මූලික අයිතිවාසිකම් ප්‍රශ්නත්, බලය බෙදාහැරීමේ ප්‍රශ්නත් විසඳීමට තිබෙනවා. ඉඩම් ආපසු ලබාදීම ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. උතුරට හා නැඟෙනහිරට සංවර්ධනයක් අවශ්‍යයි. ඊයෙත් මේ ගැන සාකච්ඡා කළා. මහේස්වරන් මහත්මියගේ ප්‍රකාශය ගැන දැනගත් අවස්ථාවේ සොයාබැලුවා, අපේ දේශපාලන කමිටුව රැස් වුණා. විජයකලා මහේස්වරන් මහත්මිය මුණගැසෙනවා.  ගත යුතු පියවර ගැන තීරණය කර තිබෙනවා.එතුමිය මුණසැසුණු විට අදාළ පියවර ගන්න තිබෙනවා.  රටේ ජනතාවයි ,ත්‍රිවිධ හමුදාවයි,විශාල කැප කිරීමක් කළා. ජීවිත පරිත්‍යාගයක් කළා. අපේ පක්ෂයෙත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් දෙමළ පක්ෂවලත් නායකයන් මරණයට පත් වුණා. පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්න අවශ්‍ය වුණා.‘‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment