පාර්ලිමේන්තුව ආරම්භයේ දී ඊයෙ විගඩං කළ අයට කතානායක බැණ වදී


අද  දින (2018.07.04)   පාර්ලිමේන්තුව ආරම්භයේ දී ගරු කථානායකතුමා කල විශේෂ ප්‍රකාශය පහත පරිදිය.

ජනතාවට ඉතා වැදගත්   වන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ නියෝග ඊයේ සම්මත කිරීමට නියමිතව තිබියදී ජනතා ශුභසිද්ධිය ගැන කිසිම හැඟීමක් නොමැතිව එයට බාධා කර පාර්ලිමේන්තුවේ
උත්තරීතර සංකේතය වූ සෙංකෝලය උදුරා එයට හානි කිරීමට ගත් උත්සාහයත්, එම වැදගත් නියෝග අනුමත කිරීමට  ඉඩ නොදී පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කිරීමත්, මෙයින් රටට දෙන පණිවිඩය ගැනත්  අප කණගාටු විය යුතුය.

ගරු විජයකලා මහේෂ්වරන් රාජ්‍ය

අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශය අප දැනගත් විගසම එහි බැරෑරුම්කම් වටහා ගෙන එය පරීක්ෂා කිරීමට එදින උදේම මවිසින් ක්‍රියා කර තිබිණි. අවශ්‍ය කැසට් පටිය ලබා ගෙන එහි පරිවර්තන අධ්‍යයන කර කථානායක වශයෙන් ව්‍යවස්ථානුකූලව මට ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත් ඇය නියෝජනය කළ පක්ෂ නායකත්වයද දැනුවත් කර නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමද මේ අතර ක්‍රියාත්මක වෙමින් තිබිණ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ක්‍රියාකාරිත්වයෙන් ලෝකයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් වශයෙන් ලෝක අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය විසින් පිළිගෙන තිබියදී කීප දෙනෙකු විසින් කරනු ලැබූ මෙම අශෝභන හැසිරීම තුළ මුළු පාර්ලිමේන්තුවේම ගරුත්වයට හා කීර්තිනාමයට බලවත් හානියක් සිදුවන බව සඳහන් කරන්නේ බලවත් කණගාටුවෙනි.

එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉතාමත්ම අශෝභන ලෙස සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරමින් කටයුතු කළ ආකාරය පාර්ලිමේන්තුවටම අපකීර්තියකි.

මේ අනුව ඊයේම නීතිපතිවරයාට උපදෙස් දුන්නේ වහා ක්‍රියාත්මක වී අදාළ නීති ප්‍රකාරව කටයුතු කරගෙන යන ලෙසයි. කථානායක වශයෙන් ව්‍යවස්ථානුකූලව මට ගත හැකි ඉහළම පියවර එයයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment