ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ත්‍රිකුණාමලයටත්.
ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට රජය සැළසුම් කර තිබේ.
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ ඊයේ (11) එළිදැක්වු අවස්ථාවේදි මේ බව අනාවරණය කෙරිණි.
වර්ෂ 2050දී අවසන් කිරිමට නියමිත ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්මේ මූලික අදියර 2025 වසරේදි අවසන් කිරිමට නියමිතය.
මෙම වැඩපිළිවල යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට අමතරව අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයක්, ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීම, සංචාරක වැඩසටහන් දියුණු කිරීම ඇතුලූ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කෙරේ.
සිංගප්පුරුවේ සුබානා ජුරෝන් සමාගම හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම සකස් කර තිබේ.
මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු , සුබානා ජුරෝන් ආයතනයේ නියෝජිතයෝ ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.
0 comments :
Post a Comment