ගම්පෙරළියේ වැව් පෙරලිය කුරුණෑගලින් ඇරඹේ.
අඩු ආදායම්ලාභී ග්‍රාමීය ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ 'ගම්පෙරළිය' ජාතික වැඩපිළිවෙළේ කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ආරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 15 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර බුලත්වැව අලුත්වැඩියා කිරීමෙන් ආරම්භ කිරීමට නියමිතය.
ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය ගොඩ නැංවීම උදෙසා රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්තම ආයෝජන වැඩපිළිවෙල වන්නේ ගම්පෙරළියි.
එමඟින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මේ වසර සඳහා අවශ්‍ය පොදු සංවර්ධන වැඩ කටයුතු සිදුකිරීමට රුපියල් මිලියන 200 බැගින් ලබා දීමට තීරණය කර ඇත.
ගම්පෙරළිය ජාතික වැඩපිළිවෙළ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම මෙලෙස ආරම්භ කෙරෙන අතර පළමු වැඩසටහනට රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 46.7 කි. එඅ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කළ යුතු කුඩා වැව් හා සුළු මාර්ග, මාර්ග හඳුනාගෙන ඒවා ලැයිස්තුගත කිරීම, වියදම් ඇස්තමේන්තු කිරීම ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරේ.
බුලත්වැව වැවේ වේල්ල ඉදිකිරීම, වැව අවට පරිසර පද්ධතිය දියුණුකිරීම සහ ගොවි ජනතාව අතර සමගිය ගොඩනැංවීම මේ වැඩපිළිවෙළ යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වේ.
0 comments :
Post a Comment