විල්පත්තුව ගැන රිෂාඩ්ගෙන් අභියෝගයක්!



විල්පත්තු රක්ෂිතයේ එකදු බිම් අඟලක් විනාශ කර ඇත්නම් එය ඔප්පු කොට පෙන්වන්නැයි චෝදනා එල්ල කරන පාර්ශ්වයන් වෙත තමන් අභියෝග කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පෙරේදා (30දා) වරකාපොළදී පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

"සමහර ස්වාමීන් වහන්සේ කියනවා අපි කැලේ කපනවාලු. විල්පත්තුව කපනවාලු. විල්පත්තුව අරාබියේ කොලනියක් කරන්න යනවාලු කියලා. මුස්ලිම් සමාජය එහි බලෙන් මම පදිංචි කරනවාලු. වෙන පළාත්වල සිටින මුස්ලිම් ජනතාව විල්පත්තුවේ ගෙනැවිත් පදිංචි කරන්නේ මමලු. විල්පත්තුව රක්ෂිතය තුළ වනජීවී රක්ෂිතයන් තුළ එකම බිම් අඟලක් හරි අපි විනාශ කරලා තියෙනවා නම් ඔප්පු කරන්න. එක පර්චස් 10ක බිම් ඉඩමක මුස්ලිම් සමාජයක් පදිංචි කරලා තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් ඔප්පු කරන්න. ඊට පස්සේ ඒ සියලු දෙනා එම ස්ථානයෙන් එළවා දමන්න. එය මම කරන අභියෝගයක්".

"මේ රටේ නායකයෝ දෙන්නාට කියන්න කැමැතියි ගිය ආණ්ඩුව කරපු වැරැදි මේ ආණ්ඩුව කරන්න එපා. මේ ආණ්ඩුවට තව මාස 18ක් තියෙනවා. කරුණාකරලා ජනවාරි 8 ජනතාව දුන් වරම ඉටු කරන්න නැත්නම් ඔබලාටත් ජනතාව හොඳ පාඩමක් උගන්වයි".

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment