ඉන්දු - ලංකා නැව් සේවාව ළඟදීම.



ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී නැව් සේවාව ආරම්භ කිරීම සදහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතරතුර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අංශ ප්‍රධානී කපිතාන් අශෝක් රාඕ මහතා පසුගියදා ඒ පිළිබදව තවදුරටත් කරුණු සොයා බැලීම පිණිස තලෙයිමන්නාරමට පැමිණ තිබේ.

තලෙයිමන්නාරමට පැමිණි කපිතාන්වරයා තලෙයිමන්නාරමේ නාවික හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කොට තිබේ.

ඉන්දියාවේ රාමේස්වරන් සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා මගී නැව් සේවාව ආරම්භ කිරීමට ඉන්දීය රජය අවශ්‍ය කටයුතු යොදමින් සිටින අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මේ නැව් සේවාව ආරම්භ කිරීම සදහා දැනට දෙරටට ඇති ප්‍රශ්න හා ගැටළුද සාකච්ඡා කරන ලදී.

එහිදී ප්‍රධාන වශයෙන්ම පෙනී ගොස් ඇති කාරණය වූයේ තලෙයිමන්නාරම ජැටිය විනාශ වී ගොස් තිබීමයි.

මේ නිසා තලෙයිමන්නාරමේ ජැටිය නවීකරණය කිරීම සදහා ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම කෙරෙහිද ඉන්දීය රජයේ අවධානය යොමු වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment