සේරුනුවර අම්මාන් කෝවිල ගිනි තිබ්බේ මීයොද? මිනිස්සුද?


සේරුනුවර පොලිස් වසමට අයත් කට්ටපරිච්චාන් ලංකා පටුන හන්දියේ පිහිටි කට්ට අම්මාන් කෝවිල පෙරේදා රාත්‍රි සුළු ගින්නක් ඇතිවීමෙන් එහි තිබූ ප්‍රතිමා හා දේව රූප වලට සුළු වශයෙන් හානි සිදුවී ඇතැයි සේරුනුවර
පොලිසිය කියයි.


පෙරේදා (2) රාත්‍රී 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එහි තිබූ අම්මාන් දේව ප‍්‍රතිමා තුනකට හා අඩියක් පමණ උසැති දේව රූප 4 ක් ගින්නට හසුවී ඇති බැව් දේවාලයේ සභාපති කාවඩිචේනහි පදිංචි පටිකුනම් දයාබරන් ස්වාමි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

 මෙහි රාත්‍රි පහනක් පත්තුකර ඇති අතර දේවාල භූමියේ විශාල  වශයෙන් රාත්‍රියට මීයන් පැමිණෙන
බවට තොතුරු ලැබී ඇති හෙයින්  මේ පහන පෙරළීමෙන් සිදුවුවක්ද එසේ නොමැති නම් කඩාකප්පල් ක්‍රියාවක්ද යන්න පරික්ෂණ සිදු කෙරෙන බව සේරුනුවර පොලිසිය සඳහන් කර සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment