ලෝකල් මීඩියා බය කරන්නෙ නැතිව මහින්ද හිටපු ජනපතිතුමනි අපට කියන්න - නිව්යෝර්ක් ටයිම්ස් සංස්කාරක


හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපිය පිළිබද ගැටලුවක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර, ඒ සම්බන්ධයෙන් ''ද නිව්යෝක් ටයිම්ස්" පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් අමතන ලෙස එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

 'ද නිව්යෝර්ක් ටයිම්ස් ' හි ජාත්‍යන්තර සංස්කාරක මයිකල් ස්ලැක්මන් ඊයේ (03) නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකවිඡාවක් පවත්වමින්,


හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජුනි 26 වැනිදා ''නිව්යෝක් ටයිම්ස්'' පුවත්පතේ පළවූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර ඇති බව යි. මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත් අනුමත කළ
නොහැකි බවත් මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැන ගැනීමට ඇති අවස්ථාව අහිමි කිරීමටත් හේතු වනු ඇති බවත් එහි සඳහන් වේ.
ශ්‍රී ලංකා බලධාරීන් තම පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්ප තකට සේවය කරන මාධ්‍යවේදීන් ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මයිකල් ස්ලැක්මන් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පත නිකුත් කර ඇති මෙම මාධ්‍ය නිවේදනය ඉදිරිපත් කරමින් මේ බව පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment