දේශපාලන ලැයිස්තුවලට ගුරු විදුහල්පතිවරු එරෙහි වෙති

Ministry-of-Education

දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත්වීම් ලබාදීමට එරෙහිව ලබන හතර වැනි දා සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව ගුරු විදුහල්පති වෘත්තී සමිති එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙම වැඩ වර්ජනය හේතුවෙන් අධ්‍යාපන පද්ධතිය අකර්මන්‍ය වීමෙන් ශිෂ්‍ය ප්‍රජාවට මෙන්ම මහජනතාවට සිදුවන පීඩනයේ වගකීම රජය භාරගත යුතු බව ද  එම වෘත්තීය සමිති සඳහන් කරයි. මෙම ක්‍රියාමාර්ගය අධ්‍යාපන පද්ධතියේ යහපත වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් බවත්,  මෙසේ අවිධිමත්ව දේශපාලන හෙංචයියන්ට අධ්‍යාපන පද්ධතියේ පත්වීම ලබාදීම මත අධ්‍යාපන පද්ධතිය තවදුරටත් පිරිහීමට පත්වන බැවින් වහාම මෙම පත්වීම් ලබාදීම නතර කළ යුතු බවත් වෘත්තීය සමිති අවධාරණය කරයි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය,   ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය,   සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය , ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය ,  ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය,   සමස්ත ලංකා විදුහල්පති සංගමය සහ  ප්‍රගති ගුරු සංගමය යන වෘත්තී සමිති එම සංකේත වැඩ වර්ජනයට එක්වීමට නියමිතය.  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment