වෙනත් රටක හමුදා කඳවුරකට ලංකාවේ ඉඩක් නෑ – අගමැති රනිල්

Ranil_28_07_2018

ශ්‍රී ලංකාව තුළ වෙනත් රටක හමුදා ඒකකයක් ස්ථාපිත කිරීමට කලාපයේ කිසිම නාවික හමුදාවකට හැකියාව නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියයි. අගමැති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන්වේ. ‘‘චීන ජනාධිපති ෂී ජින්පිං සහ චීන අග‍්‍රාමාත්‍ය ලී කිචියාන් යන මහත්වරුන් සමග සාකච්ඡා කොට දෙරටටම වාසි සහාගත යෝජනාවක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බව අග‍්‍රාමාත්‍යවරයා මෙම සම්මන්ත‍්‍රණයේදී ප‍්‍රකාශ කරන්නට යෙදිණ. හම්බන්තොට වරාය යුදමය අරමුණු වෙනුවෙන් යොදාගත නොහැකි බව ශ්‍රී ලංකාව විසින් චීනය දැනුවත් කොට තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව දක්ෂිණ හමුදා මූලස්ථානය හම්බන්තොට වෙත ගෙනයාමට කටයුතු කරමින් සිටී. හම්බන්තොට වරායේ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ පාලනය යටතේ පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් බියවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. චීන හමුදා විසින් සිය කඳවුරු හම්බන්තොට ඉදි කළහොත් ඔබ කුමක් කරන්නේ දැයි වරක් ඇමරිකානු ජාතිකයෙක් ඇසූ පැනයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ පූර්ණ හමුදා ඒකකයක් හම්බන්තොට ස්ථාපනය කර ඇති බවයි. බාහිර හමුදා මැදිහත්වීමක් සඳහා අප විරුද්ධ නොවන බවක් අගමැතිවරයා කිසිවිටෙක සඳහන් කර නොමැත. ශ්‍රී ලංකාවේ හමුදා ඒකකයක් ස්ථාපනය කිරීමට කලාපයේ කිසියම්ම නාවික හමුදාවකට හැකියාවක් නැතැයි එතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය. හම්බන්තොට වරාය නොබෝ දිනකින්ම හම්බන්තොට සහ මොණරාගල යන මෙතෙක් සංවර්ධන අවධානය අඩුවෙන් යොමු කරන ලද දිස්ත‍්‍රික්කවල අත්‍යවශ්‍ය ආර්ථික සංවර්ධන කටයුතු කඩිනම් කරන වාණිජ වරායක් පමණක් වනු ඇත.’’ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment