ලක්ෂ 230ක හෙරොයින් ගුලි බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගේ බඩේ

කොකේන් ගුලි වල ජායාරූපය

  රුපියල් ලක්ෂ 230ක හෙරොයින් ගුලි 110ක් ගිල කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ලංකාවට පැමිණීමට ආ බ්‍රසීල ජාතිකයන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. දෝහා කටාර් සිට ගුවන් මගින් පැමිණි මේ දෙදෙනා වයස අවුරුදු 30 සහ 24 වැනි වියේ පසුවෙන්නෝ වෙති. අත්අඩංගුවට ගත් පළමු සැකකරු ගිල දමන ලද කොකේන් ගුලි 80ක් හා දෙවැනි සැකකරු ගිල දමන ලද කොකේන් ගුලි 30ක් මේ වන විට පිටතට ගෙන ඇතැයි පොලිසිය කියයි.  මෙම ගුලි 110හි බර ග්‍රෑම් 900ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි. ඔවුන් දෙදෙනා මීගමුව රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ සිටින බවත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් පොලිසිය කියයි. කොකේන් ගුලි වල ජායාරූපය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment