සිළුමිණ කර්තෘගේ හදිසි මරණය අවිනිශ්චිතයි

https://www.gossiplankanews.com/2018/07/chamara-lakshan-mystery.html#more
සිළුමිණ සහ රැස පුවත්පත්වල කර්තෘ 39 හැවිරිදි චාමර ලක්ෂාන්ගේ හදිසි මරණය පිහිනුම් තටාකයකදී සිදුවූ හෘදයාබාධයකින් සිදුවූ බවට මුලදී වාර්තාවී තිබුණත් මේ වනවිට එම කාරනා පැහිදිලි නැති බවට හා එය අවිනිශ්චිත මරණයක් බවට වාර්තා පළව තිබේ. මරණය
සැක සහිත බවට ඔහුගේ ඥාතීන් පොලිසිය වෙත දැනුම් දී ම නිසා
ඊයේ (1) සන්ධ්‍යා කාලය වනවිටත් මෘත ශරීරය බාරදී නොතිබිණි.
 ලේක්හවුස් ආයතනය වාර්ෂිකව මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට අනුරාධපුරයේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් පසුගිය පොසොන් පෝදා පිහිනුම් තටාකයේ  සිටියදී  

ඔහු අසාධ්‍ය තත්වයට පත්ව තිබූ අතර ඔහුට අපහසුතා ඇතිවන අවස්ථාවේ එම ස්ථානය භාරව කිසිවෙකු නොසිටීම ගැටලුකාරී වී තිබුණි.

සාමාන්‍යෙයන් හෝටලයක පිහිනුම් තටාකය බාරව රාජකාරී කරන්නට සේවකයින් යොදවා තිබෙන නමුත් එම අවස්ථාවෙහි කිසිදු නිලධාරියකු සිට නැත.
ඔහු තටාකයේ සිටියදී හදිසි අසනීප තත්වය මතුවූයේ කෙලෙසකදැයි තවම පැහැදිලි නැත. ඔහුට හෘදයාබාධයක් වැළදී ඇති බවට මාධ්‍ය වාර්තා පළව තිබෙන නමුත් වෛද්‍ය පරීක්ෂණ වලින්ද මේ ගැන තවම සනාථ කර නැති බව වාර්තාවේ. මරණ පරීක්ෂණයට අවශ්‍ය බැවින්  පිහිනුම් තටාකයේ ජල සාම්පල ලබා ගෙන ඇති බවද වාර්තාවේ.

39 හැවිරිදි ඉතාම අඩු වයසින් සිළුමිණ පුවත්පතේ කර්තෘ ධූරයට පත් චාමර ලක්ෂාන්ට සතුරන් ඊර්ෂ්‍යාකාරයින් සිටි බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා පළකර තිබේ.
සිව්හැවිරිදි පුතෙකුගේ පියකු වන චාමරගේ බිරිය නීතීඥවරියකි.
කොළඹ සරසවියේ ජාත්‍යන්තර සබදතා උපාධියත් කැලණි සරසවියේ දේශපාලන විද්‍යා පශ්චාත් උපාධියත් හිමි කරගෙන ඇති ඔහු ලක්බිම,රිවිර,ඉරුදින පුවත්පත් ඔස්සේ කෙටි කලකින්ම ඉහළ තැනකට ආ මාධ්‍ය වේදියෙකු වන අතර 2015 ලේක්හවුස් ආයතනයේ සේවයට එක්වී මින් මාස එකහමාරකට පමණ පෙර සිළුමිණ කර්තෘ ධූරයට පත්වූයේය.
ඔහුගේ හදිසි අභාවය නිසා හිතවතුන් කම්පාවට පත්ව ඇත. පොලිස් පරීක්ෂණ තවදුරටත්  සිදුවේ.
----
පෙර වාර්තාව
පිහිනුම් තටාකයේදී වැළදුණු හෘදයාබාධයකින් පසු සිළුමිණ - රැස ප්‍රධාන කර්තෘ චාමර සමුගනී

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment