සීනෝර්ට අයත් කොළඹ හෝටලය තුට්ටුදෙකට බදුදීමේ සැලැසුමක්.



ධීවර අමාත්‍යාංශය යටතේ ඇති සීනෝර් ආයතනයට අයත් ඞී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි හෝටලයේ බදු ගිවිසුම් කාලය අවසන්ව ඇතත් එම පිරිස යළිත් බදු කාලය දිර්ඝ කරන ලෙස ඉල්ලා ඉන් ඉවත් නොවී සිටින බව වාර්තා වේ.

මේ හෝටලය බදු දී තිබුණේ මසකට රුපියල් 138,000/- ක් වැනි සුඵ මුදලකට විසිවසරක් සඳහාය.

එම ගිවිසුම් කාලය පසුගිය 04 වැනිදායින් අවසන්ව තිබේ.

කෙසේවවුද, එම මුදලටම හෝටලය බදු ලබා දෙන ලෙසට මීට මාස කිහිපයකට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති  අතර කොළඹ ප්‍රධාන ස්ථානයක් මීට වඩා වැඩි බද්දකට දිය හැකි බව පවසමින් ජනපතිවරයා ඊට එරෙහිවී ඇත.

එම හෝටලය මාසයකට රුපියල් ලක්ෂ 50ක පමණ  කුළියකට ලබා දිය හැකි බව සීනොර් ආයතන ආරංචිමාර්ග සදහන් කරයි.

මේ අතර, පැරණි මිලටම ටෙන්ඩර් පටිපාටියකින් තොරව එම හෝටලය බදුදීමට රජයේ ප්‍රබල අමාත්‍යවරයකු උත්සාහ දරමින් සිටින බවද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment