සමහරු එපා කියද්දීත් ජීඑල් ගෝඨාට කතා කරයි

Gotabaya_13_11

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පැමිණීමට දැන් කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියයි. දේශපාලන වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට ඔහු නුදුරේම තම කාර්යාලයට එන බව ද පීරිස් මහතා පවසයි. ‘‘ගෝඨාභය රාජපජෂ මහතාට දැන් දේශපාලනයට පැමිණීමට කාලය එළඹිලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔහු දැනටමත් යම් යම් ක‍්‍රියාවන් සිදුකරනවා. නමුත් ප‍්‍රායෝගික දේශපාලන වැඩ සටහනක් සකසන්න මෙම කාර්යාලයට පැමිණෙන ලෙසට අපි ඔහුට ආරාධනා කළා. එය ඔහුට ඉතාම වැදගත් දෙයක් වේවි. මෙම අවස්ථාවට රාජපක්‍ෂ පවුලේ අය මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ද සහභාගීවීමට නියමිතව තිබෙනවා. රාජපක්‍ෂ පවුල හා ඒකාබද්ධ විපක්‍ෂයේ  කිසිම ප‍්‍රශ්නයක් නැතිබව එදාට දැකගන්න පුළුවන් වේවි .‘‘ මේ අතර අද පැවැති මාධ්‍ය හමුවක දී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ වියත් මඟ සංවිධානයේ වැඩ පිළිවෙළ තම ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ නොවන බවයි. ඡන්දයකට යතොත් ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විය යුතු බව ද නානායක්කාර මහතා කීවේය. ඒකාබද්ධ විපක්ෂයේ සමහරු   ගෝඨාභය රාජපක්ෂ මහතා  දේශපාලනයට අවතීරණ වීම ගැන විරෝධය දක්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment