ගෝඨලාගේ වියත් මඟට වාසුදේවගෙන් ප්‍රහාරයක්

Vasudeva_28_11

ඉදිරි මැතිවරණ සඳහා යන තමන්ගේ වැඩ පිළිවෙළ වියත්මග නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. තම වැඩපිළිවෙළ යාවත්කාලීන කළ මහින්ද චින්චනය බව ද, ඉදිරි මැතිවරණවලට යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බව ද වාසුදේව නානයක්කාර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. ‘‘ මේ ආණ්ඩුව කඩලා මහින්ද මහත්තයා   පාර්ලිමේන්තුවේ අගමැති කරන්න අපට වුවමනයි. සරල බහුතරය කඩා අපේ පැත්තට මන්ත‍්‍රීවරුන් ගැනීමයි අපේ වැඩපිළිවෙළ. මහින්ද මහත්යාගේ නායකත්වයෙන් මිස වෙනත් නායකත්වයන් ආදේශ කරන්න බැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයට මුවාවෙලා ඒ නායකත්වය යට කරගෙන එන්න දෙන්න බැහැ. තුනෙන් දෙකක බලයක් ගෙනත් විධායක ජනපතිවරණයක් අනවශ්‍ය තැනට ගෙනෙන්න. මේ වැඩ පිළිවෙළ මොකක්ද කියලා අහනවා. අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනයයි. වියත් මග නොවෙයි. ‘‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment