ඊයේ කහවත්තේ අලියා කුලප්පු වූ වීඩියෝව (VIDEO)

කහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානය ඊයේ (01) සංවිධානය කර තිබූ වාර්ෂික මිහිදු පෙරහරක් අතර තුර පෙරහරේ ගමන් කළ අලියෙකු කුලප්පු වී තිබෙනවා. අලියා කුලප්පු වීම හේතුවෙන් පෙරහර නැරඹීමට පැමිණ
මහජනතාව කලබලයට පත්ව පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
තුවාල ලැබූවන් රත්නපුර සහ

කහවත්ත රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් 19 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12ක් සිටින බව සඳහන්.
ඒ අතර පෙරහර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
එම වීඩියෝව පහතින්,
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment