මූල්‍ය බුද්ධි ඒකකයෙන් විශේෂ නිවේදනයක්!



මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීයමය සේවා සපයන ආයතනයන් හි ව්‍යාපාරික ගනුදෙනු යොදා ගනිමින් මුදල් විශුද්ධිකරණය සිදු කිරීම සහ ත්‍රස්තවාසදයට අරමුදල් සැපයීම මැඩ පවත්වා ගැනීම සඳහා සුදුසු ප්‍රතිපත්ති මාලාවක් සහ වැඩපිළිවෙලක් එකී සෑම ආයතනයක් විසිනම් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය දන්වා සිටී.

මෙහිදී ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සහ සැකකටයුතු ගනුදෙනු මූල්‍ය බුද්ධ ඒකකය වෙත වාර්තා කිරීම සඳහා වන නෛතික වගකීම පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකය විසින් විශේෂයෙන් අවධාරණය කර ඇත.

මේ අනුව,

  • තම ගනුදෙනුකරුවන් නියම කරන ලද සීමාවට සමානව හෝ එය ඉක්මවා, මූල්‍ය ගනුදෙනුවල යෙදී සිටින විට, අන්තර්ජාලය මගින් එවැනි යම් ව්‍යාපාරයක් කර ගෙන යන තැනැත්තෙකු ච ඇතුළුව කැසිනෝ, සූදු ව්‍යාපාර හෝ ලොතරැයි ව්‍යාපාර පවත්වාගෙන යන්නන්,
  • නිශ්චල දේපළ මිලට ගැනීම හ විකිණීමට අදාළ, තම ගනුදෙනුකරුවන් සඳහා ගනුදෙනුවල යෙදෙන නිශ්චල දේපළ අනුයෝජිතයන්/ නියෝජිතයන්,
  • නියම කරන ලද සීමාවට සමානව හෝ එය ඉක්මවා, ගනුදෙනුකරුවකු සමග මුදල් ගනුදෙනුවල නිරත වන විට 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනතින් ආවරණය වන ලෝහ ගල් ඇතුළුව, එහෙත් ඒවාට සීමා නොවූ, වටිනා ලෝහ වෙළෙඳුන් සහ මැණික් ගල් හා අර්ධ මැණික් ගල් වෙළෙඳුන්,
  • මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 33 වන වගන්තියෙහි අර්ථ දක්වා ඇති පරිදි නීතිඥවරුන්, නොතාරිස්වරුන්, වෙනත් ස්වාධීන නීති වෘත්තිකයන් හා ගණකාධිකාරීවරුන්,
  • මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 33 වන වගන්තියෙහි අර්ථ දක්වා ඇති පරිදි භාරයක් හෝ සමාගම් සේවා සපයන්නන්,
  • විසින් එම ප්‍රතිපත්ති මාලාව සහ වැඩ පිළිවෙල, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ප්‍රකාරව පනවා ඇති 2018 අංක 01 දරන නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර (ගනුදෙනුකරුවන් නිසි පරිදි හඳුනාගැනීමේ) රීති සහ 2017 සැක කටයුතු ගනුදෙනු (ආකෘති) නියෝගයන්ට අනුකූලවන පරිදි සකසා ගත යුතු වේ.

මේ සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි ඒකකය විසින් ප්‍රසිද්ධියට පත්කරනු ලැබ ඇති පුවත්පත් දැන්වීම පහත දැක්වේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment