පරිස්සම්වෙන්න -මේ දවස් තුනේ තද සුළං

දිවයිනේ දකුණු අර්ධය හරහා තද සුළං ඇතිවිය හැකි බවත් මෙම තත්වය ලබන 25 වැනිදා දක්‌වා පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 මීගමුවේ

සිට පුත්තලම හරහා මන්නාරම දක්‌වාද, හම්බන්තොට සිට පොතුවිල් දක්‌වාද වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60 දක්‌වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවාය.

 එවැනි අවස්‌ථාවල මුහුද රළු ස්‌වභාවයක්‌ ගත හැකි අතර එවැනි අවස්‌ථාවන්හි ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 කෙසේ වෙතත්, ඉදිරි දින කීපය තුළම දිවයිනේම වැසි රහිත කාලගුණ තත්වයක්‌ පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කළාය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment