සිසුවියට බසයකදී අතවර කරන්න හැදූ සෙබළාට එරෙහිව වවුනියා ජනතාව පාරට

බස්‌ රථයක්‌ තුළදී පාසල් ශිෂ්‍යාවක්‌ දැඩි අපහසුතාවකට ලක්‌ කළ යුද හමුදා සෙබළකු පොලිසිය විසින් අත්අඩංගුවට නොගැනීම නිසා 10 දා සවස වවුනියාවේ දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හට ගැනුණි.
වවුනියාව මැණික්‌ෆාම් ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක්‌ සිය පාසල නිම වී නිවසට යමින් සිටියදී බස්‌ රථයේ සිටි යුද
හමුදා සෙබළකු එම

සිසුවියගෙන් ලිපිනය හා දුරකථන අංකය ඉල්ලා ඇත. දැරිය ඊට විරුද්ධ වූ අවස්‌ථාවේදී යුද හමුදා සෙබළා සිසුවිය දැඩි ලෙස අපහසුතාවට පත් කරමින් සිටි අවස්‌ථාවේදී බස්‌ රථයේ සිටි මගීන් ඊට දැඩි ලෙස විරෝධය දක්‌වා තිබේ.
මේ අවස්‌ථාවේදී යුද හමුදා සෙබළා මගීන් සමඟ දැඩි ආරවුලක්‌ ඇතිකරගැනීම නිසා බස්‌ රථයේ රියෑදුරු බස්‌ රථය පොලිසියට රැගෙන එන අතරතුරදී මහමඟ පිහිටි පොලිස්‌ මුරපළකට මේ බව දන්වා ඇත.

එම මුරපළේ පොලිස්‌ නිලධාරීන් යුද හමුදා සෙබළාව අත්අඩංගුවට ගැනීම ප්‍රතික්‌ෂේප කිරීම නිසා මගීහු දැඩි විරෝධයක්‌ පළ කර සිටියහ.
මේ නිසා පැය භාගයක පමණ කාලයක්‌ එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විණි.
පසුව වවුනියාව පොලිසියෙන් අමතර පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ සිද්ධිය වූ ස්‌ථානයට යවා යුද හමුදා සෙබළාව අත්අඩංගුවට ගෙන තත්ත්වය සමථයකට පත් කොට තිබේ.
අදාළ යුද හමුදා සෙබළා සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය පරීක්‌ෂණ පවත්වාගෙන යයි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment