"අද රටේ රජ කරන්නෙ කැලෑ නීතිය" - විමල්



ආණ්ඩුවේ ඇමැතිවරුන්ට මුවා වී සිටින පාතාල කල්ලි රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කිරීම ආරම්භ කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණෙහි නායක විමල් වීරවංශ මහතා කියයි.

මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ ඉකුත්දා (07දා) බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.

එහිදී හෙතෙම මෙසේද කීය.

''ආණ්ඩුවේ ඇමැතිවරු ඇතුළු දේශපාලනඥයන්ගේ ඇඳුම් අස්සේ හැංගිලා ඉන්න පාතාල කල්ලි තමයි මේ රටේ නිරායුධ අහිංසක මිනිසුන්ගේ අද ජීවිතවල ඉරණම තීරණය කරන්න පටන් අරන් තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ යුද්ධය අවසන් කළා විතරක් නෙවෙයි පාතාල කල්ලිවල පැවැත්මත් අවසන් කළා.

ඒ අවසන් කළ පාතාල කල්ලි තමයි නැවත අළු ගසාදාලා නැඟිටලා කැලෑ නීතිය මේ රටේ රජ කරවන තත්ත්වයකට රට අද අරගෙන ගිහිල්ලා තියෙන්නේ.''

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment